**උපකාරක තාක්ෂණික මෙවලම් විශ්වාසදායි එකම තැනකින්!**
ඇක්සස් ටු සක්සස් යනු ශ්‍රී ලංකාව තුළ වඩාත්ම දැරිය හැකි මිලකට ගුණාත්මක උපකාරක මෙවලම් සැපයීම තුළින් ආබාධිත පුද්ගලයින් සවිබල ගැන්වීමට කැප වූ ආයතනයකි. උපකාරක තාක්ෂණික මෙවලම් හා සේවාවන්වලට උදාහරණ ලෙස, රෝදපුටු, කායික හැකියාවන් වර්ධනය කළ හැකි උපකරණ, ශ්‍රවණාධාරක, දෘශ්‍යාධාරක මෙන්ම, සංචලනය, ශ්‍රවණය, දෘෂ්ටිය හෝ සන්නිවේදන හැකියාවන් ඉහළ නැංවිය හැකි විශේෂිත පරිගණක යෙදවුම් ආදිය ද ඇතුළත් වේ. ශ්‍රී ලංකාව තුළ මෙම උපකාරක මෙවලම් හා සේවාවන්වල පළ ප්‍රයෝජන ලබා ගත හැකි වී ඇත්තේ ඒවා අවශ්‍ය ආබාධ සහිත පුද්ගලයින්ගෙන් සියයට 5 සිට 15 දක්වා වූ ඉතාම අවම පිරිසකට වීම ඉතා කණගාටුදායක තත්ත්වයකි. මෙම තත්ත්වයට බලපා ඇති එක් ප්‍රධාන කරුණක් වන්නේ, මෙම භාණ්ඩ හා සේවාවන් බොහොමයක් දේශීය වශයෙන් ලබා ගත නොහැකි වීම සහ ඒවා ලබා ගැනීම සඳහා විදේශ වෙළඳ නියෝජිත ආයතන හෝ ආබාධිතභාවය පිළිබඳ අත්දැකීම් හීන දේශීය වෙළඳ නියෝජිත ආයතන මත විශ්වාසය තබා කටයුතු කිරීමට සිදුව තිබීම නිසා ය. මේවා බොහෝ විට සපයනු ලැබුවේ පිළිගත් පාරිබෝගික-කේන්ද්‍රීය පස්චාත්-අලෙවි ප්රතිපත්තීන්ගෙන් තොරව ය. ආබාධ සහිත පුද්ගල හිමිකාරීත්වයක් සහිත ආයතනයක් ලෙස, ඇක්සස් ටු සක්සස්හි අපි ඔබගේ පාරිභෝගික අයිතිවාසිකම් ඉතා ඉහළින් අගය කරමු. එසේම, නම්‍යශීලී පස්චාත්-අලෙවි ප්‍රතිපත්තියක් සහ, අප වෙතින් සිදු කරනු ලබන සියලු ආකාරයේ උපකාරක මෙවලම් හා සේවාවන් මිලදී ගැනීම් සඳහා භාවිතය පිළිබඳ පුහුණුවක් ඔබ වෙත ලබා දීම සහතික කරමු.