මෙම පිටුවෙහි, ඔබට උපකාරක / අනුවර්තන තාක්ෂණයන්ට අදාළ ප්‍රයෝජනවත් ද්‍රව්‍ය සොයාගත හැකිය. ඒවායින් ඇතැම් දෑ නොමිලේ බාගත කර ගත හැකි අතර, සමහර ඒවා ඔබට අපෙන් මිලදී ගැනීමට සිදු විය හැකිය. මෙහි පොදු භාවිතය සඳහා සපයා ඇති ඕනෑම සම්පතක් හෝ තොරතුරක් කිසිදු බාධාවකින් තොරව ඔබට නොමිලයේ බාගත කර ගෙන එදිනෙදා කටයුතුවලදී භාවිතා කළ හැකි ය. අප විසින් නිරන්තරයෙන් ආබාධ සහිත පුද්ගලයින් සවිබල ගැන්වීමට අදාළ වන ප්‍රයෝජනවත් නව ලිපි, තොරතුරු, තාක්ෂණික මෙවලම් ආදිය මෙහි පළ කිරීමට කටයුතු කරන බැවින් පරීක්ෂා කිරීම පිණිස ඔබ නිතර මෙහි පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
සිංහල භාෂකය
සිංහල භාෂකය යනු අශෝක බන්දුල වීරවර්ධන මහතා විසින් දියුණු කරන ලද බහුභාෂක පරිගණක යෙදවුමකි. එය නොමිලේ බාගත කර ගත හැකි අතර භාෂා 83කට වැඩි සංඛ්‍යාවකින් ඩිජිටල් තොරතුරු කියවා ගැනීමට, ලිවීමට, අත්දැකීම් හුවමාරු කර ගැනීමට පරිශීලකයින්ට එමගින් හැකි වේ. කෙසේ වෙතත්, මෙය ඔබේ පරිගණකයට බාගත කිරීමට පෙර, එහි පරිශීලක අත්පොත කියවා මෘදුකාංග පැකේජය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගන්නා ලෙස අපි ඔබට නිර්දේශ කරමු. තොරතුරු ලබා ගැනීම හෝ බාගත කර ගැනීම සඳහා කරුණාකර මෙහි එන පහත සබැඳි භාවිතා කරන්න.