සිංහල භාෂකය යනු සංයුක්ත පෙළ-කතා මෘදුකාංගයකි. මෙම පෙළ-කතා පැකේජය අභාවප්‍රාප්ත නේපාල ජාතික හිම් ප්‍රසාද් ගෞතම් මහතාගේ ද සහයෝගය ඇතිව, අශෝක බන්දුල වීරවර්ධන මහතා (ශ්‍රී ලංකාව) විසින් සංවර්ධනය කරන ලදී. මෙම නිෂ්පාදනයේ පරමාර්ථය වන්නේ දෘශ්‍යාබාධිත සිංහල ප්‍රජාවට දෑස් පෙනෙන පුද්ගලයින් හා සමානව, සිංහල භාෂාවෙන් පරිගණක යතුරු ලියනය කිරීම, ප්‍රලේඛන කියවීම සහ දැනුම ප්‍රවේශ කිරීම සඳහා නොමිලේ මෙවලමක් සැපයීමයි.
මෙම මෘදුකාංගයෙහි භාවිතය පිළිබඳ පරිශීලකයින්ගේ අදහස් උදහස් සහ ප්‍රතිපෝෂණ සැමවිටම අපේක්ෂා කරන අතර, එය වැඩිදුර සංවර්ධනය කිරීම දැනට නවතා දමා ඇති බව ද කරුණාවෙන් දන්වා සිටිමු. මේ පිළිබඳව ඔබට කිසියම් විමසීමක්, අදහස් දැක්වීමක් හෝ එය වැඩිදියුණු කිරීමට දායක වීමට අවශ්‍ය නම්, කරුණාකර එහි සංවර්ධකයා අමතන්න
asokabandula@gmail.com.
එහි මූලික ලක්ෂණ මොනවාද?
- SAPI5ට ගැලපෙන වින්ඩෝස් කථන එන්ජිම
- බහුභාෂා සහාය: සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ තවත්.
- ජෝස්, එන්වීඩීඒ, වින්ඩෝ-අයිස්, ඩොල්ෆින්, මයික්‍රොසොෆ්ට් නැරේටර් වැනි බොහෝ තිර පාඨක මෘදුකාංග සමග භාවිත කළ හැකි ය.
- පෙළ ගොනු වලින් ශ්‍රව්‍ය ලිපිගොනු නිෂ්පාදනය කරයි
- 32/64 භේදයකින් තොරව එක්ස්පී සහ පසු වින්ඩෝස් අනුවාද සඳහා සහය දක්වයි.
- පුරුෂ කටහඬ ප්‍රබේද 5කින් හා ස්ත්‍රී කටහඬ ප්‍රභේද 4කින් සමන්විත වේ.
- පුරුෂ කටහඬ ප්‍රභේද: බන්ඩාර, ගෞතම්, මහීන්, රවින්දු සහ සුනිල්.
- ස්ත්‍රී කටහඬ ප්‍රභේද: ජානකි, කුමාරි, පවිත්‍රා සහ ෂීලා.
ජෝස් තිර-පාඨකය සමඟ සිංහල භාෂකය භාවිතා කිරීම:
- ඉන්සර්ට් + ජේ යොදා ජෝස් මෙනුව සක්‍රිය කරන්න.
- ජෝස් option මෙනුවෙහි එන Voices වරණය තෝරා එහි ඇති Adjust voices… ක්‍රියාත්මක කරන්න. එවිට ‘voice settings’ සංවාද කොටුව විවෘත වනු ඇත.
- තිරයේ ඇති පථන-කොටුවෙන්, (dropdown box) හඬ මුහුණුවර (voice profile) ලෙස SAPI5 තෝරන්න.
- ටැබ් යතුර යොදා සිංහල (ශ්‍රී ලංකාව) ලෙස සංවාද භාෂාව තෝරන්න.
- නැවතත් ටැබ් යතුර මගින් හඬ භාවිත විය යුතු සන්දර්භය, කථන ශීඝ්‍රතාව, හඬෙහි තීව්‍රතාව ආදිය සකසන්න.
- පතන කොටුවෙන්, ඔබ කැමති ඕනෑම පුද්ගල කටහඬක් තෝරා ගන්න.
- ඔබේ මනාපය පරිදි වෙනත් විකල්ප සකසන්න.
- “භාෂකය” නමින් හඬ ප්‍රතිරූපය (voice profile) නම් කර සේව් කර ගන්න.
සටහන: හඬ ප්‍රතිරූපය සඳහා ඔබ කැමති ඕනෑම නමක් ලබා දිය හැකිය. භාෂකය යන නම මෙහි භාවිත කර ඇත්තේ උදාහරණයක් ලෙස පමණි.
NVDA සමඟ සිංහල භාෂකය භාවිතා කිරීම:
- ඉන්සර්ට් + ‘N’ භාවිතා කර NVDA මෙනුව සක්‍රිය කරන්න.
- එහි ඇති ‘Preferences’ මෙනුවෙහි එන ‘settings’ වරණය තෝරන්න.
- ‘‘Speech’ options’ යටතේ ඇති මයික්‍රොසොෆ්ට් SAPI 5 ලෙස භාෂා සංස්ලේෂකය (synthesizer) තෝරාගෙන OK බොත්තම යොදන්න.
- සපයා ඇති ‘හඬ කොම්බො-කොටුවෙන් (Combo box) ඔබ කැමති කටහඬ තෝරන්න.
- ටැබ් යතුර භාවිතා කරමින් ඔබේ අභිමතය පරිදි වෙනත් පරාමිතීන් සකසන්න.
- අවසාන වශයෙන්, OK බොත්තම යොදන්න.
- එන්වීඩීඒ සහ සිංහල භාෂකය සුසංයෝජනය අත්විඳින්න!
‘අකුරින් හඬට අතුරු මෘදුකාංගය (Text to Audio)
සිංහල භාශකයෙහි මෙම අනුවාදය සමග ‘අකුරෙන් හඬට’ අතුරු මෘදුකාංගය ද ඔබට නොමිලයේ ම ලැබේ. මෙම මෘදුකාංගය මගින් ඩිජිටල් ලිපිවලට සවන් දීමට හෝ ශ්‍රව්‍ය ගොනුවක් ලෙස පරිගණකයට බාගත කර ගත හැකි ය. ඒ සඳහා මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය වී ඇති SAPI 5 පෙළ-කතනයක් භාවිතා කරයි. සිංහල භාෂකය ස්ථාපනය කිරීමේ දී විකල්ප අයිතමයක් ලෙස මෙම අතුරු මෘදුකාංගය ලබා ගැනීමට හෝ ඉවත් කිරීමට ඔබට හැකි ය. ඔබ එලෙස ඉවත් නොකළහොත් එය සිංහල භාශකයෙහි අංගයක් ලෙස ස්ථාපනය වනු ඇත.
එහි ඇති ප්‍රයෝජන මොනවා ද?
- එයට සංස්කරණ කොටුව තුළ (edit box) විවෘත වී ඇති පෙළ කියවිය හැකිය.
- ගොනුවක පෙළ එය විවෘත නොකර ම කියවිය හැකිය.
- එයට සංස්කරණ කොටුවේ ගොනුවක පෙළ විවෘත කර කියවිය හැකිය.
- එයට පෙළ ගොනුවකින් ඍජුවම ශ්‍රව්‍ය ගොනුවක් ජනනය කළ හැකිය.
- ඉහත කාර්යයන් ඉටු කිරීම සඳහා එයට කිසිදු තිර පාඨකයක් අවශ්‍ය නොවේ!
- තිර-පාඨකය සහ ‘අකුරින් හඬට’ මෘදුකාංගය එකවර ක්‍රියා කරවීමේ දී ඇති විය හැකි දුෂ්කරතාව තේරුම්ගත හැකිය. එවැනි අවස්ථාවල දී තිර-පාඨකය නිෂ්ක්‍රීය කරන්න.
භාවිතය සඳහා උපදෙස්
- සිංහල භාෂකය ස්ථාපනය කිරීමේ දී, ඩෙස්ක්ටොප් එකේ ‘Text to Audio’ නමින් කුඩා අයිකනයක් සකස් වනු ඇත.
- එය ක්‍රියාත්මක කිරීමට, ‘Text to Audio’ අයිකනය මත එන්ටර් කරන්න.
- ‘අකුරෙන් හඬට සංවාද කොටුව විවෘත වනු ඇත.
- මෙම සංවාද කොටුවෙහි push buttons, combo boxes, sliders සහ කෙටි යෙදුම් සහිත සංස්කරණ කොටු ආදිය ඇතුළත් වේ.
- මේවා වෙත පිවිසීමට හා අදාළ සකස් කිරීම් කිරීමට ටැබ් යතුර සහ ඊතල යතුරු භාවිතා කරන්න.
- අපේක්ෂිත සකස් කිරීම් ඔබේ අභිරුචිය පරිදි සිදු කරන්න.
- එහි දී අවශ්‍ය විය හැකි උපකාරක තොරතුරු ලබා ගැනීම සඳහා ‘Help me’ යතුර යොදන්න.
විශේෂ සටහන
නේපාලයේ කට්මන්ඩු නුවර ජීවත්ව සිට අකාලයේ මෑතකදී ජීවිතයෙන් සමුගත්, දෘශ්‍යාබාධිත අප හිතවත් හිම් ප්‍රසාද් ගෞතම් මහත්මයාට විශේෂ උපහාරයක් දැක්වීමට අපි මෙය අවස්ථාව කර ගනු කැමැත්තෙමු. විශේෂයෙන් මෙම මෘදුකාංගය වර්ධනය කිරීමේදී එතුමා ලබා දුන් අගනා සහයෝගය වෙනුවෙන් අපගේ ප්‍රනාමය ඔහුට පුද කරන අතර ඔහු අපේක්ෂා කළ ආගමික විමුක්තිය කරා ප්‍රවේශ වීමට ඔහුට හැකිවේවා යි ප්‍රාර්ථනා කරන්නෙමු.