වර්ෂ 2015 දී ඇක්සස් ටු සක්සස් ආයතනය ආරම්භ කරන ලද්දේ අශෝක බන්දුල වීරවර්ධන මහතා විසිනි. ඔහු ශ්‍රී ලංකාවේ ආබාධිත පුද්ගලයින් මුහුණපාන ගැටළු සඳහා තාක්ෂණික විකල්පයන් ලබා දීමෙහි පුරෝගාමීව කටයුතු කරන පුද්ගලයෙකි. අප ආයතනයෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ ජීවන කටයුතුවලදී විශේෂ හැඩගැසීම් අවශ්‍ය වන විට, ඒ සඳහා විකල්ප විසඳුම් හැකිතාක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීම හා, විදේශයය්ගෙන් ආනයනය කිරීමට සිදු වන තාක්ෂණයන් අපට ගැලපෙන පරිදි දේශීයකරණය කිරීම යි. සරල, සුගම සකස් කිරීමකින් සමාජයේ විශාල වෙනසක් සිදු කළ හැකි බව ඇක්සස් ටු සක්සස්හි අපගේ විශ්වාසය යි.