මෙම පිටුවෙහි, තාක්ෂණික මෙවලම් භාවිතය මෙන්ම අපගේ නිෂ්පාදන හා සේවාවන් පිළිබඳ උපකාරක පාඩම් මාලා ඔබට නොමිලයේ ලබා ගත හැකි ය. ඔබට කිසිදු බාධාවකින් තොරව ඒවා බාගත කර මිතුරන් අතරේ හුවමාරු කර ගත හැකිය. කෙසේ වෙතත්, ඔබ මෙම ද්‍රව්‍ය අන්තර්ජාලයේ වෙනත් ස්ථානයක ප්‍රකාශයට පත් කිරීමට අදහස් කරන්නේ නම්, එසේ කිරීමට පෙර ඒ සඳහා අපගේ අවසරය ලබා ගත යුතුය.
NVDA තිර කියවනය භාවිතා කිරීම පිළිබඳ මූලික පාඨමාලාව
පහත දැක්වෙන පාඩම් මාලා නිදහස් මෘදුකාංගයක් වන ජනප්‍රිය එන්වීඩීඒ තිර කියවනයෙහි භාවිතය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට ඔබට අත්වැලක් වනු ඇත. එම පාඩම් භාවිතා කර, ඒ පිළිබඳව ඔබ සිතන්නේ කුමක්දැයි අපට කියන්න.
එන්වීඩීඒ මූලික පුහුණුව 1 - අශෝක වීරවර්ධන
එන්වීඩීඒ මූලික පුහුණුව 2
බාගත කිරීම සඳහා පහත සබැඳි භාවිතා කරන්න.