Skip to content

අපගේ මෙහෙවර

සාර්ථක වසර පහක්.

ගෙවී ගිය වසර පහ තුළ, දිවයිනේ දෘශ්‍යාබාධිත වූවන් සඳහා ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ ආයතනවලට බ්‍රේල් මුද්‍රණ යන්ත්‍ර, බ්‍රේල් යතුරුලියන යන්ත්‍ර, වීඩියෝ මැග්නිෆයර්, ඩේසි ග්‍රන්ථ ධාවන යන්ත්‍ර ආදී උපකාරක මෙවලම් සපයන ප්‍රධාන ආයතනය බවට පත්වීමට අපට හැකි විය. අප එලෙස සමීපව කටයුතු කරන ක්‍ෂේත්‍ර සංවිධාන අතර,

  • ශ්‍රී ලංකා අන්ධජන සේවා මණ්ඩලය
  • ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය
  • ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ මණ්ඩලය, සහ
  • ඩේසි ලංකා පදනම.
    ද වේ. එසේම අප පහත දැක්වෙන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සමඟ ද සමීපව කටයුතු කරමින් සිටිමු.

  • කොළඹ විශ්ව විද්‍යාලය

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  • කැලණිය විශ්ව විද්‍යාලය
  • ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය
  • යාපනය විශ්ව විද්‍යාලය
  • ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය (NSPD)
  • සමාජ සේවා අමාත්‍යාංශයේ දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල සහ
  • අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් හා විශේෂ අධ්‍යාපන ශාඛාව.

අපගේ සාර්ථකත්වය සේවාලාභියාගේ තෘප්තියයි!

අපි මුදල් නොව, සේවාලාභීන්ගේ තෘප්තිමත් බව ආයෝජනය කරන්නෙමු. නිෂ්පාදනයක් අලෙවි කිරීමක් හෝ වේවා, නොමිලේ සපයන සේවාවක් හෝ වේවා, විසඳුම් සැලසුම් කිරීම, ඇගැයීම, පුහුණු කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන සෑම අදියරකදී ම අපි පාරිබෝගිකයා කේන්ද්‍ර කොට ගනිමින් කටයුතු කරන්නෙමු.

අපගේ හැකියාවන්

ආබාධිත පුද්ගලයින් සඳහා, විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් සඳහා භාණ්ඩ හා සේවා සැපයීම පිළිබඳ අපි විශේෂඥයෝ වෙමු. පහත සේවාවන් ලබා ගැනීම සඳහා ඔබට අප හා සම්බන්ධ විය හැකි ය.

  • උපකාරක තාක්ෂණික මෙවලම් මිලදී ගැනීම
  • බ්‍රේල් පරිවර්තනය සහ මුද්‍රණ කටයුතු
  • ඩේසි ග්‍රන්ථ නිෂ්පාදනය සහ ආශ්‍රිත කාර්යයන්
  • උපකාරක තාක්ෂණික පුහුණුව සහ
  • වෙබ් අඩවි නිර්මානකරණය හා අඩවි අවකාශ කලමණාකරනය

වැඩි විස්තර සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න.
info@abivruddhi.com